බගවන්තලාව ප්රදේශයට ඇදහැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් පහත් බිම් රැසක් ජලයෙන් යටවී ඇති අතර, ප්රදේශයේ මාර්ග කිහිපයක ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී තිබේ. මේ හේතුවෙන් දෛනික කටයුතු සඳහා ගමන් ගන්නා වතු කම්කරුවන් ඇතුළු ප්රදේශවාසීහු දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පා සිටිති.පැවැති අධික වර්ෂාවත් සමඟ කෙසෙල්ගමුඔය පිටාර ගැලීම මෙම ජල ගැලීම් තත්ත්වයට ප්රධාන හේතුව වී ඇත. පහත් බිම්වල පිහිටි මාර්ග ජලයෙන් යටවීම නිසා ප්රවාහන කටයුතු මුළුමනින්ම පාහේ අඩපණ වී තිබේ.තත්ත්වය යථා තත්ත්වයට පත්වන තෙක් ගමනාගමනයේදී සහ ජල පහරවල් ආශ්රිතව ගමන් කිරීමේදී අවධානයෙන් පසුවන ලෙස ප්රදේශවාසීන්ට දැනුම් දී ඇත.



























