අනුරාධපුර පූජා නගර සැලැස්මට එරෙහි සත්‍යග්‍රහය අඛණ්ඩව

අනුරාධපුර පූජා නගර සැලැස්මට අදාළ ගැසට් පත්‍රය වහාම හකුලාගන්නා ලෙස ඉල්ලමින් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ප්‍රමුඛ පිරිසක් රුවන්වැලි මහා සෑ පූජා භූමියේ ආරම්භ කළ සත්‍යග්‍රහය අධිකරණ නියෝගද නොතකා අඛණ්ඩව පවත්වාගෙන යයි. පූජා භූමියෙන් ඉවත් වන ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණද, විරෝධතාකරුවන් එම ස්ථානයේ රැඳී සිටිමින් රාත්‍රියද ගත කර තිබේ.​රුවන්වැලි සෑය සහ ජය ශ්‍රී මහා බෝධිය ඇතුළු පුරාවිද්‍යා ස්මාරකවලට හානි නොකර තාවකාලික අට්ටාල ඉවත් කරගන්නා ලෙස පොලිසිය කළ ඉල්ලීමක් මත අධිකරණය නියෝග කර තිබුණි. එහෙත්, අදාළ සංවර්ධන සැලැස්ම සම්බන්ධ ගැසට් නිවේදනය අවලංගු කරන තෙක් අරගලය නතර නොකරන බව විරෝධතාකරුවන් තදින්ම ප්‍රකාශ කර සිටිති.​පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් පූජනීය භූමියක නීතිමය නියෝග උල්ලංඝනය කරමින් සිදුකරන මෙම සත්‍යග්‍රහය හේතුවෙන් ප්‍රදේශයේ නීතිය හා සාමය පවත්වා ගැනීම පොලිසියට අභියෝගයක් වී ඇති අතර, මේ සම්බන්ධයෙන් රජයේ තීරණාත්මක මැදිහත්වීමක් අපේක්ෂා කෙරේ.

What's your reaction?

Related Posts

1 of 1,413

Leave A Reply

Your email address will not be published. Required fields are marked *