අනුර ජනාධිපතිතුමා රනිල්ගේ කලිසම ඇඳගෙන imf එකෙන් බෙල්ට් එකක් ඉල්ලගන්න

පිවිතුරු හෙළ උරුමය (මාධ්‍ය සාකච්ඡාව)

ලොකුම මායාව වැටුප් වැඩි කිරීමයි

මේ අයවැයේ අරමුණ ඉදිරියේදි පැවැත්වෙන මැතිවරණය ඉලක්ක කරගෙන

ව්‍යාපෘති 12 කට අයවැයෙන් මුදල් වෙන් කරලා නෑ

මේ ආණ්ඩුවෙන් මන්ත්‍රීවරුන්ට වාහන දෙන්න හිටියේ අපි ඒක වැරදියි කියලා පෙන්නපු නිසා වාහන දෙන එක අකුලා ගත්තා

රනිල්ගේ කලිසම කියන්නේ imf එකේ කලිසමයි
අනුර කුමාරට ඒක උස වැඩියි

මේ ආණ්ඩුව දිජිටල් හැඳුනුම් පත ගෙන එකහොඳයි

ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබෙන දේවල් කරල නෑ

අධ්‍යාපනයට ගහන වැට් එක අයින් කරන්න ඕන අයවැයේ සුන්දර දේවල් තිබෙනවා

හැම එකටම මට හොඳයි කියන්න බෑ

මේ අයවැයෙන් ජනතාව තව පාරක් රැවටුනා

මම හදපු ගණන් වැරදි නම් මට නඩු දාන්න නැත්නම් ගණන් ටික හදලා

මීට වසර 160 කට පෙර බ්‍රිතාන්‍යයේ අගමැති වුණු බෙන්ජමින් අයවැය විවාදයකට එක් වෙමින් බොරු සහ සංඛ්‍යාලේඛණ පට්ටපල් බොරු වලට වඩා පට්ටපල් වෙවා වලින්න. ඩිඝ්රයෙදී විපක්ෂ නායක ලග්නයට . බොරු, පටවල් කොකොමද කිවවේ කිය mn lies and statistics. වඩා සංකලේ මණ යා ක එදා ඩිඝ්රයෙලි කියූ කතාව තේරුම් ගන්න නම් මෙවර අයවැය දෙස බලන්න ඔනි. මෙතෙක් කල් ආණ්ඩුව වචන වලින් කරපු බොරුව මෙවර අයවැයේ දී සංඛ්‍යාලේඛණ වලින් කරලා තිබෙනවා.

අපි උදාහරණයකට වැටුප් වැඩිවීම ගනිමු. ජනාධිපතිතුමා උජාරුවෙන් කිව්වා රජයේ සේවකයින්ට රුපියල් 15,750කින් වැටුප් වැඩි කරලා අවම වැටුප රු40,000 ක් කරනවා කියලා, සමහර වෘත්තීය සමිති නායකයින් මේ ගැන මාධ්‍ය ඉදිරියේ උදාන වාක්‍ය කියනවා අපි දැක්කා. අපි දැන් මෙසේ සංඛ්‍යා විජ්ජාව නිරුවත් කරමු. රු 15,750කින් වැටුප් වැඩි කලා කිව්වාට දැනට ලැබෙන විශේෂ දිමනාව සහ අතුරු දීමනාව අහෝසි කරනවා. ඒ දෙක රු 7500ක්. එක අඩු කලාම දැන් වැඩිවීම 8.250ක්. ඊළඟට කියනවා ඒකෙන් මේ වසරේ දෙන්නේ රු5,000 සහ ඉතිරියෙන් 30%ක් කියලා ඉතිරිය 3,250 ක්නේ. ඒකෙන් 30% ක් කියන්නේ 975ක්. එතකොට ඇත්ත වැටුප් වැඩි කිරීම රු 15,750 ක් නොවේ. රු5,975ක්. මෙව්වර කැටයම් දාන්නේ නැතිව රු5,975 කින් වැටුප් වැඩි කරනවා කිව්වා නම් ඉවරනෙ. අනාගත වැටුප් වැඩි කිරීම් පොරොන්දු වුණු විධියට දුන්නත් 2026 සහ 2027 වැටුප් වැඩි වෙන්නේ රු 1,137.50 කින් විතරයි. ඡන්ද දෙකක දීම තඹුත්තේගම පව වලට රැවටිලා ජනතාව ඡන්දය දුන්නු නිසා දැන් බය නැතිව අයවැයත් පවවැයක් කරලා තිබෙනවා.

2015 ජනවාරි මාසේ ලබා දුන්නු අවසන් වැටුප් වැඩිවීම වුණේ රු 10,000 ක්. එදා ඩොලරයක් රු133යි. අද ඩොලරයක් රු 297යි. එදා රු10,000 න් ගත්තු බඩු මල්ල අද ගන්න රු 25,000 ක් ඔනෑ. ඒ නිසා තමයි රජයේ සේවකයින් රු 25,000 වැටුප් වැඩිවීමක් බලාපොරොත්තු වුණේ. ඒ නිසා තමයි රනිල් ජනපතිතුමා 2025 ජනවාරි මස සිටම රු25,000 වැටුප් වැඩිවීමක් ලබා දුන්නේ. නමුත් අවුරුදු දහයකට පස්සේ ලබා දුන්නේ එදා වැඩි කිරීමෙන් භාගයක් විතරයි.

පොඩි එකාගේ ලියුම වැනි අයවැයක්

මේ අයවැය අයවැයක් කියන්නේ මොකක්ද කියන එක නොදන්නා අය සකස් කළ පොඩි එකාගේ ලියුම් වගේ. ආණ්ඩුව මුලින්ම කරන්නේ ආණ්ඩුවේ අය කීය ද වැය කීය ද අයවැය හිඟය කොපමණ ද කියලා දැක්වෙන විසර්ජන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම. ඒක ජනවාරි 15 කලා අයවැය කතාවෙන් කරන්නේ ආදායම් යෝජනා ඉදිරිපත් කරමින් මේ අයවැය හිඟය පියවන්නේ කෙසේද කියන එක විස්තර කිරීමයි. ආදායම් යෝජනා කියන්නේ බදු සහ ගාස්තු ඉහළ නැංවීමනෙ. මේක දේශපාලන වශයෙන් ජනප්‍රිය නොවන වැඩක් නිසා මුදල් ඇමතිවරු විසින් අයවැය තුලට ආදායම් යෝජනා වලට අමතරව වියදම් යෝජනා ඉදිරිපත් කරමින් අයවැය හොද්දට ලුණු ඇඹුල් එකතු කලා.

පළමු වතාවට මේ අයවැයේ දී ආදායම් යෝජනා ඉදිරිපත් කලේ නෑ. ආණ්ඩුවේ ආදායම රුපියල් බිලියන 929 කින් වැඩි වෙනවා කියලා පෙන්වනවා. වැඩි වෙන්නේ කොහොම්ද කියලා පෙන්වන්නේ නැ. ප්‍රාග්ධන ලාභ මත බදු වැඩි කලා කියන එක ඇමුණුම 4 සඳහන් වුණත් අයවැය කතාවේ ඒ ගැන සඳහනක් නෑ.

ඇමුණුම 3 දක්වන අයවැය යෝජනා වල සමස්ත වියදම රුපියල් බිලියන 215,650 ක්. ඒවාට මුදල් සොයා ගන්නේ කොහොමද කියන එක අයවැයේ දක්වලා නෑ.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කරපු දේවල් තමන්ගේ කර ගැනීමට ජනාධිපති අයවැය කතාවේ දී උත්සාහ කළා. 2024 අවසන් වන විට ඩොලර් බිලියන 6 සංචිතයක් පවත්වා ගන්න අපට පුළුවන්

වුණාය කිව්වා. ඒකෙන් බිලියන 5.9 ඉතිරි කලේ රනිල් ජනාධිපතිතුමා. මේ ආණ්ඩුව කරල් කල් පොල් ලුණු පවා පිටරටින් ගෙනැවිත් ඒ සංචිත දිය කිරීමයි. ඒ වගේම වෙනත් රටවල් ණය පැහැර හැරීමක් සිදු වුණාම ගත කරන අහිමි දශකය ගත නොකර ඉතා කෙටි කාලයකින් ආර්ථික ස්ථාවර භාවයක් ඇති කර ගන්න අපි සමත් වී තිබෙනවා කිවවා. එn 4 කියන්නේ රනිල් ජනාධිපතිතු රට ස්ථාවර කරන කොට අනුර ජ්‍යාධිපතිතුමා සහය දුන්නා කියන හැඟීම එන්නයි. නමුත් ආර්ථික අස්ථාවරත්වය වැඩි කරන්න මාලිමාව කටයුතු කළ හැටි අපට මතකයි.

ඒ නිසා රනිල්ගේ කලිසම හොඳ හැටි ඇඳගෙන අනුරගේ වගේ යනවා කියලා තමයි අයවැය දැක්කාව අපට පේන්නේ. රනිල්ගේ කලිසම ඉනට ලොකු වැඩි නිසා මතක ඇතිව අයි එම් එස් එකෙන් බෙල්ට් එකකුත් ඉල්ලා ගන්න කියලා අපි ජනාධිපතිතුමාට මතක් කරනවා.

ඒ වගේම අපේ ව්‍යාපෘතියකුත් ජනාධිපතිතුමා මාලිමා කරණයට ලක් කලා. ඉන්දියාවට බදු දී තිබුණු තෙල් ටැංකි 61 ක් අපට ගැනීමට මුල් වුණේ මම. ඒ 2021 දී. ඒවා සංවර්ධනය කරන්න 2021 දීම ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් නමින් අපි ඒකාබද්ධ සමාගමක් පිහිටෙව්වා. දැන් ටැංකි 5ක් අළුත්වැඩියා කර ඉවරයි. ඒ වසර හතරක් පරණ ව්‍යාපෘතිය මේ වන විට මහ පොලවේ ක්‍රියාත්මක අතරේ ආණ්ඩුව අළුතින් කරන ව්‍යාපෘතියක් ලෙස අයවැයෙන් පෙන්වන්න උත්සාහ කරනවා.

අයවැය යෝජනාවක් ඉදිරිපත් කලාම ඒ සඳහා මුදලක් වෙන් කරන්න ඕනි. නැතිනම් අයවැය කතාවක් සහ රාජාසන කතාව අතර වෙනසක් නෑ. රාජාසන කතාවේ කරන්න ඉන්න දේ කියනවා. අයවැයෙන් ඒකට මුදල් වෙන් කරනවා. ඒත් අයවැය කතාව තුල කිසිම මුදලක් වෙන් නොකරපු ව්‍යාපෘති 12 ක් අපට හමු වුණා. අපි පිටු අංකත් එක්කම ඒවා දැන් කියන්නම්.

  1. සංචාරක ක්ෂේත්‍රයේ කුසලතා පිළිබඳ පුහුණු වීම කිරීමට රජයෙන් පහසුකම් (13)
  2. නව සංචාරක ගමනාන්ත සංවර්ධනය කිරීම රජයේ ප්‍රමුඛ කාරයක් (13)
  3. තාක්ෂණ පාදක විසඳුම් හරහා සංචාරක ආරක්ෂාව සහ පහසුකම් සැපයීම (13)
  4. කටුනායක ගුවන තොටු පොලේ දෙවන පර්යන්තය පුළුල් කිරීම (14)
  5. ඇප නැතිව ණය දෙන්න නව සංවර්ධන බැංකුවක් පිහිටුවනවා (14)
  6. තෝරා ගත් පර්යේෂණ සහ සංවර්ධන මුලපිරීම් සඳහා සම – මූල්‍ය කරණය සැපයීම (14)
  7. සෞඛ්‍ය පද්ධතිය ඩිජිටල්කරණය (17)
  8. ප්‍රාථමික සෞඛ්‍ය සේවා වැඩි දියුණු කිරීම (17)
  9. රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්වය හරහා වතු සෞඛ්‍ය සේවා සවිමත් කිරීම

10.වසංගතයන්ට මුහුණ දීමේ වැඩපිලිවෙල (17)

11 කෘෂිකාර්මික තොරතුරු පද්ධතියක් බිහි කිරීම (22)

  1. දුබලතා ඇති පිරිස් සමාජයට ඒකාබද්ධ කර ගැනීම (26)

මීට අමතරව පසුගිය වසර විස්ස පුරාම ඇහෙන ව්‍යාපෘති ගණනාවක් නැවත මෙවර අයවැයේ දීත් ඇහුනා. ලංකාවේ පිහිටීමේ උපායමාර්ගික වැදගත්කම ප්‍රයෝජනයට ගන්නවා. ඩිජිටල් හැඳුනුම්පතගේනවා. රාජ්‍ය සේවය ඩිජිටල් කරණය කරනවා. ද්විත්ව බදුකරණ වැලැක්වීමේ ගිවිසුම් වැඩි කරනවා. කාර්මික උද්‍යාන පිහිටු වීමට පෞද්ගලික අංශයට සහය දෙනවා. භාවිතා නොකරන රාජ්‍ය ඉඩම් පලදායි අයෝජන සඳහා බදු දෙනවා. මේ කතා දැන් අහලම ජනතාවට එසා වෙලා. වසර 76ක ශාපයක් ගැන කතා කරලා බලයට ආවාත් කිසිම නැවුම් ව්‍යාපෘතියක් නැති රට ගොඩ ගන්න ආර්ථික දැක්මක් නැති ආණ්ඩුවේ හිස් බව සහ නොහැකියාව ප්‍රදර්ශනය කරපු අයවැයක් විධියටයි අපි මේක දකින්නේ.

What's your reaction?

Related Posts

1 of 560

Leave A Reply

Your email address will not be published. Required fields are marked *