අනුෂ පැල්පිට අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට

රුපියල් මිලියන 46ක මුදලක් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යාංශ ලේකම් සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRC) හිටපු සභාපති අනුෂ පැල්පිට මහතා අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ.​අද දින (ජනවාරි 23) අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි ඒ මහතාගෙන් මූලික ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව එම කොමිසම නිවේදනය කළේය. අත්අඩංගුවට ගත් අනුෂ පැල්පිට මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

What's your reaction?

Related Posts

1 of 1,105

Leave A Reply

Your email address will not be published. Required fields are marked *