අමෙරිකාව සහ යුක්‍රේනය ඓතිහාසික ඛනිජ සම්පත් ගිවිසුමකට අත්සන් තබයි..

අමෙරිකාව සහ යුක්‍රේනය ඓතිහාසික ඛනිජ සම්පත් ගිවිසුමකට අත්සන් තබා තිබේ.

ඒ ,  යුක්‍රේන අමෙරිකා සබඳතා යළි ශක්තිමත් කරමිනි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් සහ යුක්‍රේන පළමු නියෝජ්‍ය අගමැතිනිය සහ ආර්ථික කටයුතු අමාත්‍යවරිය වන යුලියා ස්වයිරඩෙන්කෝ මෙම ගිවිසුමට අත්සන් තබා ඇති බවයි.

ඒ අමෙරිකාවේ වොෂිටන්ටන් අගනුවරදී.

යුක්‍රේනයේ දුර්ලභ ඛනිජ සම්පත් සඳහා  අමෙරිකාවට ප්‍රවේශය ලබා ගැනීමට අත්සන් කළයුතු අදාළ ගිවිසුම සම්බන්ධයෙන්‍ෙමාස ගණනාවක සිට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි අතර සාකච්ඡා පැවැත්විය.

ගිවිසුමෙහි මූලික කටයුතු සඳහා පසුගිය පෙබරවාරී මාසයේදී අත්සන් කිරීමට නියමිතව තිබුණත්, දෙරටේ ජනාධිපතිවරුන් අතර ඇති වූ විවාදාත්මක සාකච්ඡාව හේතුවෙන් එය බිඳ වැටිණි.

කෙසේ වෙතත් අද අත්සන් කෙරුණු අදාළ ගිවිසුම යුක්‍රේනයේ ආර්ථිකයට සහ රට තුළ ආරක්ෂාව සහතික කිරීමට දැඩි ලෙස වාසිදායක වනු ඇති බව,  විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

What's your reaction?

Related Posts

1 of 731

Leave A Reply

Your email address will not be published. Required fields are marked *