විදුලි බිඳවැටීම හේතුවෙන් අඩාල වී තිබූ අඹතලේ ජල පවිත්රාගාරයේ කටයුතු විදුලි සැපයුම යථා තත්ත්වයට පත්වීමත් සමඟ නැවත ආරම්භ කර ඇත.මේ වන විට පවිත්රාගාරයේ සිට ජලය බෙදාහැරීමේ කටයුතු සාමාන්ය පරිදි සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්රකාශ කරයි.ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් පාරිභෝගිකයින්ට මුහුණ දීමට සිදු වූ නොවැළැක්විය හැකි අපහසුතාවයන් පිළිබඳව ජලසම්පාදන මණ්ඩලය සිය කනගාටුව පළ කර සිටියි.



























