අලි ගම්වැදීමට පෙර අනතුරු ඇඟවීමේ කෘත්‍රිම බුද්ධි තාක්ෂණික පරීක්ෂාවක්

අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය භාවිත කරමින් පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමේ මූලික සාකච්ඡාවක් සහ ක්ෂේත්‍ර නිරීක්ෂණයක් ගල්ගමුව ප්‍රදේශයේදී පවත්වා තිබේ.​පරිසර අමාත්‍යවරයා, මහජන ආරක්ෂක අමාත්‍යවරයා සහ චීන තානාපතිවරයා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම වැඩසටහනේදී, චීනයේ සාර්ථක ලෙස ක්‍රියාත්මක වන අලි චලන හඳුනාගැනීමේ කැමරා පද්ධති මෙරටට ගැළපෙන අයුරින් යොදා ගැනීම පිළිබඳව අවධානය යොමු විය.​මෙම තාක්ෂණය හරහා වන අලින් ගම්මානවලට ඇතුළු වීමට ප්‍රථමයෙන් එම චලන රටා හඳුනාගෙන, පද්ධතිය මඟින් ප්‍රදේශවාසීන්ට කඩිනමින් අනතුරු ඇඟවීමට හැකියාව ලැබෙනු ඇත.​මිනිස් ජීවිත මෙන්ම වන අලින්ගේ ජීවිතද එකසේ සුරක්ෂිත කරමින් දිගුකාලීන විසඳුමක් ලෙස මෙම නවීන තාක්ෂණික ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.

What's your reaction?

Related Posts

1 of 1,423

Leave A Reply

Your email address will not be published. Required fields are marked *