රට තුළ පවතින හදිසි ආපදා තත්ත්වයන් හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින ජනතාවට ක්ෂණිකව සහන සැලසීමේ අරමුණින්, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් විශේෂ ජංගම මුළුතැන්ගෙවල් 4ක් සූදානම් කර තිබේ.අවශ්‍යතාව මතුවන ඕනෑම මොහොතක විපතට පත් ප්‍රදේශ වෙත ගොස් උණුසුම් ආහාර පාන සැපයීමේ හැකියාව මෙම ජංගම ඒකක සතුවන අතර, ඒ සඳහා අවශ්‍ය සියලුම සැපයුම් සහ තාක්ෂණික කටයුතු මේ වන විටත් විධිමත් කර ඇති බව නාවික හමුදාව පවසයි.දුෂ්කර කාලවකවානුවලදී ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ මූලික සුභසාධන පහසුකම් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් කැපවී සිටින බව වැඩිදුරටත් සඳහන් වේ.



























