ඉන්දියාවත් එක්ක ගහන ගිවිසුම් ගැන දින තුනකට පස්සෙ රටට කියන්නම්ලු

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙරට සංචාරය තුළදී යම් ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමට අපේක්ෂා කරන බව නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසයි.

මෙම ගිවිසුම්වල විස්තර, දින තුනක කාලයක් ඇතුළත කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සහ ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරනු ඇතැයි ඔහු සඳහන් කළේය.

දෙරට අතර අත්සන් කෙරෙන එම ගිවිසුම්වල සියලු තොරතුරු පැහැදිලිව එළිදක්වන බවත් ඔහු තවදුරටත් පැවසුවේය.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුම් අත්සන් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

What's your reaction?

Related Posts

1 of 1,205

Leave A Reply

Your email address will not be published. Required fields are marked *