ඉන්දියාව නෙදර්ලන්තය සමග වරාය කටයුතු පුලුල් කරන්න යයි

ඉන්දියාව සහ නෙදර්ලන්තය අතර නාවික කටයුතු සඳහා වන නව අවබෝධතා ගිවිසුමකට එළඹ තිබෙනවා.

ඒ අනුව සීමාසහිත ගෝවා නැව් තටාකාංගනයට අදාළ වන පරිදි එම ගිවිසුමට එළඹ ඇති අතර එමගින් ඉන්දීය වරායන් සඳහා අති නවීන, විශ්වාසනීය සහ නිවැරදි විසඳුම් සහ තාක්ෂණය යොදා ගැනීමට සහාය ලැබෙනු ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ.

අදාළ අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් අදහස් දක්වමින් නෙදර්ලන්තයේ විදේශ වෙළෙඳ සහ සංවර්ධන සහයෝගිතා අමාත්‍ය ලීශේ ශ්‍රයිනමාකර් (Liesje Schreinemacher) පවසන්නේ ඉන්දියාව යනු නෙදර්ලන්තය සඳහා විශාල භූ දේශපාලන ක්‍රියාකාරිකයෙකු බවයි.

ඉන්දියාව සැබවින්ම වැදගත් භූදේශපාලනික ක්‍රියාකාරිකයෙකු බවට පත් කිරීමට පසුගිය වසර කිහිපය තුළ නරේන්ද්‍ර මෝදි පාලනය කරන ලද කාර්යය එහි දී අගය කර තිබුණා.

මෙම අවබෝධතා ගිවිසුමට එළඹ තිබුණේ, ආරක්ෂක අමාත්‍යාංශයේ සීමාසහිත ගෝවා නැව් තටාකාංගනය සහ නෙදර්ලන්තයේ ඩෙයිමන් ෂිප්යාර්ඩ් (Damen Shipyards) සමගයි.

නෙදර්ලන්තයේ ඩෙයිමන් සමූහය යනු ලන්දේසි ආරක්ෂක, නැව් තැනීමේ සහ ඉංජිනේරු සමූහ සමාගමක් වන අතර එය සමාගම් 54ක් සමඟ, එය ලොව පුරා නැව් තටාක සහ සේවා මධ්‍යස්ථාන පිහිටුවා තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *