“ක්ලීන් ශ්‍රී ලංකා“ ජාතික වැඩසටහනට සමගාමීව නිල්වලා ගංමෝය පිරිසිදු කෙරේ

“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්“ යන තේමාව යටතේ සමස්ත සමාජයම ආර්ථික, පාරිසරික, සමාජයීය වශයෙන් ගැඹුරු පරිවර්තනීය වෙනසක් සඳහා රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන Clean Sri Lanka ජාතික වැඩසටහනට සමගාමීව මාතර දිස්ත්‍රික් ලේකම් ගනේෂ අමරසිංහ මහතාගේ උපදෙස් පරිදි නිල්වලා ගංමෝය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් පසුගිය දා (23) පැවැත්විණි.

මේ අවස්ථාවට මාතර දිස්ත්‍රික් ලේකම් ගනේෂ අමරසිංහ මහතා, මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කුසලක නානායක්කාර මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) කාංචනා තල්පාවිල මහත්මිය, මාතර කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් සුසන්ත අත්තනායක මහතා, මාතර සහකාර දිස්ත්‍රික් ලේකම් ලක්මාලි තේනුවර මහත්මිය, මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මාතර කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මාතර මහා නගර සභාව ඇතුළු රාජ්‍ය ආයතනවල නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.

What's your reaction?

Related Posts

1 of 564

Leave A Reply

Your email address will not be published. Required fields are marked *