රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය හා නෛතික ප්‍රතිපාදන පිළිබඳව පොලිස් නිලධාරීන් දැනුවත් කෙරේ

බදුල්ල පොලිස් පුහුණු පාසලේ භාෂා පුහුණුව ලබන නිලධාරින් සදහා රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය හා නෛතික ප්‍රතිපාදන පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය දා (23) බදුල්ල පොලිස් සේවාස්ථ පුහුණු ආයතනයේ දී පැවැත්විණ.

බදුල්ල ජ්‍යෙෂ්ඨ පුහුණු ආයතනයේ පැය 150ක දෙවන භාෂා පුහුණු පාඨමාලාව හදාරන පොලිස් නිලධාරීන් පනස් දෙනෙකු සඳහා රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය, නෛතික ප්‍රතිපාදන හා භාෂා අයිතිවාසිකම් පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදි.

.මෙම වැඩසටහන අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අංශය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කෙරිණි.

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය  – බදුල්ල

What's your reaction?

Related Posts

1 of 1,329

Leave A Reply

Your email address will not be published. Required fields are marked *