කැෂියර් එකෙන් පොලිතින් නොගත්තොත් පාරිභෝගිකයන්ට ඩිස්කවුන්ට් එකක්

දිවයින පුරා පිහිටි සුපිරි වෙළඳ සැල් සහ ඒවායේ වෙළඳ ශාඛාවලින් භාණ්ඩ මිල දී ගැනීමේ දී, මුදල් කවුන්ටරයෙන් පොලිතීන් බෑග් ලබා නොගන්නා හෝ නැවත භාවිත කළ හැකි බෑගයක් භාණ්ඩ රැගෙන යාමට ගෙන එන පාරිභෝගිකයින්ට, රුපියල් 500ට වැඩි බිල්පත් සඳහා රුපියල් 5ක මුදලක් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ සඳහා පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීමේ දී සුපිරි වෙළඳසැල්වල ඉහළ කළමණාකාරිවයේ ද එකඟත්වය ද හිමි වූ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසන්නේ.

එම කාරක සභාව හමුවට මෙරට ප්‍රමුඛ සුපිරි වෙළඳසැල් කිහිපයක ප්‍රධානින්, නිමි ඇදුම් වෙළඳසැල්වල ප්‍රධානින් සහ පෑන් නිෂ්පාදන ආයතනවල ප්‍රධානින් ද කැඳවා තිබුණා.

What's your reaction?

Related Posts

1 of 1,270

Leave A Reply

Your email address will not be published. Required fields are marked *