කැස්බෑවේදී නීති විරෝධී මත්පැන් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරකට අනුව කැස්බෑව, මාකන්දන ප්‍රදේශයේදී විශේෂ වැටලීමක් සිදුකර තිබේ.​එහිදී නීති විරෝධී මත්පැන් ලීටර් 78 මිලිලීටර් 750ක් (බෝතල් 105ක්) ළඟ තබාගෙන සිටි 29 හැවිරිදි කැස්බෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.​සැකකරු සහ මත්පැන් තොගය වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා කැස්බෑව පොලිස් ස්ථානය වෙත බාරදී ඇති අතර, පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.

What's your reaction?

Related Posts

1 of 1,394

Leave A Reply

Your email address will not be published. Required fields are marked *