කුරුවිට බන්ධනාගාරය තුළ ඊයේ (06) රාත්රියේ හදිසි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ. පසුව එම තත්ත්වය පාලනය කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබුණි.කෙසේ වෙතත්, අද උදෑසන කාලයේදී රැඳවියන් අතර නැවත වතාවක් නොසන්සුන්තාවයක් හටගෙන ඇති අතර, එහිදී පිරිසක් බන්ධනාගාර රෝහලට ද අලාභහානි සිදුකර ඇති බව වාර්තා වේ.හටගත් මෙම උණුසුම් තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය විසින් කඳුළු ගෑස් ප්රහාරයක් ද එල්ල කර ඇති අතර, දැනට ආරක්ෂක අංශ එක්ව තත්ත්වය පාලනය කිරීමට කටයුතු කරමින් සිටියි.මෙම සිදුවීමේදී තුවාල ලැබූ රැඳවියන් සිව්දෙනෙකු ප්රතිකාර සඳහා රෝහල් ගත කර ඇති අතර දෙදෙනෙකු මියගොස් ඇති බව වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ප්රකාශ කළේය.



























