කෙන්යාවේ වේල්ලක් කැඩී යාමෙන් 40ක් මරුට

අධික වර්ෂාව නිසා ඇතිවූ ගං වතුර හේතුවෙන් කෙන්යාවේ වේල්ලක් කැඩී යාමෙන් 40 දෙනෙක් පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

බටහිර කෙන්යාවේ කමුචිරි ගම්මානය ආසන්නයේ තිබූ පැරණි වේල්ලක්කැඩී ගොස් තිබූ අතර එහිදී නිවාස විශාල ගණනක් විනාශ වී තිබුණා.

මියගොස් ඇති ගණන තවත් ඉහළ යා හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

පසුගිය මාසයේදී කෙන්යාවේ ඇතිවූ හදිසි ගං වතුර හේතුවෙන් 100කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *