කොටහේන ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සඳහා ආධාර කළ බවට සැකකරු කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) විසින් ‘අයිස්’ මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය 7 වන දින මෝටර් රථයකින් පැමිණි තුවක්කුකරුවෙකු කොටහේන ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුකර එක් පුද්ගලයෙකු ඝාතනය කර තිබූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී, තුවක්කුකරු ප්‍රවාහනය කරමින් සහ අපරාධය සඳහා යොදාගත් ගිනි අවිය ලබාදෙමින් සහයෝගය දැක්වූ බවට සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය සඳහන් කළේය. වත්තල පදිංචි 27 හැවිරිදි මෙම සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව ‘අයිස්’ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 8ක් සහ මිලිග්‍රෑම් 450ක් තිබී සොයාගෙන ඇත. කොළඹ අපරාධ කොට්ඨාසය පැය 72ක රැඳවුම් නියෝගයක් යටතේ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
























