වැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඇන්තනි ලලිත් ශිරාන් ගුණරත්න මහතා අද (22) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ වැඩබලන අගවිනිසුරු ලෙස දිවුරුම් දුන්නේය. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා 2025 නොවැම්බර් 22 සිට 2025 නොවැම්බර් 27 දක්වා විදේශගත වීම හේතුවෙන් ජනාධිපතිවරයා විසින් මෙම පත්කිරීම සිදු කර ඇති අතර, අගවිනිසුරුවරයා නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන තෙක් මෙම පත්කිරීම බල පැවැත්වේ.

What's your reaction?

Related Posts

1 of 1,208

Leave A Reply

Your email address will not be published. Required fields are marked *