කොළඹ කඩාවැටෙන දැවැන්ත ගස් ගැන හෙළිදරව්වක්

පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් කොළඹ ප්‍රදේශයේ කඩාවැටුණු ගස්වලින් බොහෝ සංඛ්‍යාවක් අවදානම් තත්ත්වයේ නොතිබූ ඒවා බවට තොරතුරු අනාවරණය වී ඇති බව කොළඹ මහනගර සභාව පවසයි.

වසර 50ත් 150ත් අතර පැරණි ගස් 200කට ආසන්න සංඛ්‍යාවක් අවදානම් තත්ත්වයේ ඒවා බවට කොළඹ මහනගර සභාව සිදුකළ විමර්ශනයක දී තොරතුරු අනාවරණය විය.

එම ගස්වලින් බොහෝ ප්‍රමාණයක් කද දිරායාම හේතුවෙන් කඩාවැටීමේ අවදානමට ලක්වී තිබු ඒවා බව කොළඹ මහනගර සභාව තවදුරටත් සඳහන් කළේය.

එලෙස හඳුනාගත් ගස්වලින් ගස් 100කට අධික සංඛ්‍යාවක් කපා ඉවත් කිරීමට පියවර ගත් අතර අනෙකුත් ගස්වල අතු කප්පාදු කිරීමට පියවර ගනු ලැබීය.

කෙසේවෙතත් නිරිත දිග මෝසම් තත්ත්වය සමග පවතින සුළං තත්ත්වය හේතුවෙන් මේ වනවිට කොළඹ මහනගර සීමාව තුළ ගස් 50ක් පමණ කඩා වැටී ඇති බව වාර්තා වෙයි.

එහෙත් එම කඩා වැටුණු කිසිඳු ගසක් මීට පෙර හඳුනාගත් අවදානම් සහිත තත්ත්වයේ ඒවා නොවන බව කොළඹ මහ නගර සභාව සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයක දී අනාවරණය වී ඇත්තේ එම ගස්වලින් බොහෝ සංඛ්‍යාවක් සුළං තත්ත්වය හේතුවෙන් මුලෙන් ඉදිරී ගොස් කඩා වැටී ඇති බවය.

ඒ අනුව මේ සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුවත් කර තිබේ.

ඒ අනුව එම ආයතනයේ කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකිරීමට නියමිතය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *