මෙවර කුණාටු වඩාත් ප්‍රචණ්ඩකාරී වෙයි

මෙවර අත්ලාන්තික් සුළි කුණාටු සමයේදී වඩාත් ප්‍රචණ්ඩකාරී සුළි කුණාටු වාර්තා විය හැකි බවට අමෙරිකානු ජාතික සාගර සහ වායුගෝලීය අධිකාරිය පුරෝකතනය කරයි.

කාලගුණ විපර්යාස ඊට හේතුව ලෙස බලධාරීන් පෙන්වා දෙයි.

අත්ලාන්තික් සුළි කුණාටු සමය සාමාන්‍යයෙන් ආරම්භ වන්නේ ජූනි පළමු සතියේ දී ය.

බලධාරීන් පුරෝකතනය කරන්නේ මෙවර කුණාටු සමයේදී කුණාටු 25කට ආසන්න සංඛ්‍යාවක් වාර්තාවිය හැකි බවය.

ඒ අතරින්, සියයට 85ක් පමණ සාමාන්‍ය ප්‍රමාණයට වඩා ප්‍රචණ්ඩකාරී වනු ඇතැයි ඔවුන් පවසයි.

ඉන් ආසන්න වශයෙන් කුණාටු 7ක් පමණ තෙවන මට්ටමේ හෝ ඊට ඉහළ මට්ටමේ වඩාත් ප්‍රචණ්ඩකාරී කුණාටු වනු ඇතැයි සඳහන් ය.

මෙම තත්ත්වයට හේතුවන්නේ පොළොව මතුපිට සිසිල් වීමට හේතුවන ලා නීනා කාලගුණ සංසිද්ධියයි.

ඉන් වැඩි බලපෑමක් එල්ල වන්නේ කවර රටවලටද යන්න පුරෝකතනය කළ නොහැකි බව බලධාරීන් තවදුරටත් පෙන්වා දෙයි.

2023 වසරේ දී සුළි කුණාටු 20ක් වාර්තා වූ අතර ඒ අතරින් 14ක් වඩාත් ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගෙන තිබුණි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *