ගංගා හතරක් සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම් ඉවත් කෙරේ

​ගිං ගඟ, අත්තනගලු ඔය, නිල්වලා ගඟ සහ කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම් ඉවත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. අදාළ ගංගා ද්‍රෝණිවල ජල මට්ටම් මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබීම හේතුවෙන් අද (16) පස්වරු 3.00 සිට බලපැවැත්වෙන පරිදි මෙම තීරණය ගෙන ඇත.​කෙසේ වෙතත්, දිවයින පුරා ඇදහැලෙන වර්ෂාපතනය සහ ගංගාවල ජල මට්ටම්වල සිදුවන වෙනස්වීම් පිළිබඳව ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය නිරන්තර අවධානයෙන් පසුවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.​ඉදිරියේදී යළිත් ගංවතුර අවදානමක් මතු වුවහොත් ඒ පිළිබඳව ජනතාවට කඩිනමින් පූර්ව දැනුම්දීම් සිදු කිරීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කළේය.

What's your reaction?

Related Posts

1 of 1,426

Leave A Reply

Your email address will not be published. Required fields are marked *