කාන්තාවන් බලගැන්වීමට ජනපති සූදානම්

කාන්තාවන් නීතියෙන් බලගැන්වීමට අවශ්‍ය කොන්දේසි ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් වෙනම කොමිසමක් පත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා කියා සිටියේ, කිලිනොච්චිය දිස්ත්‍රික් මහ රෝහලේ රුපියල් මිලියන 5,320 ක වියදමින් ඉදිකරන ලද කාන්තා සෞඛ්‍ය සේවා සඳහා වන විශිෂ්ඨතා මධ්‍යස්ථානය විවෘත කිරිමේ අවස්ථාවට අද (25) පෙරවරුවේ එක්වෙමින්.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ පනත් කෙටුම්පත එළඹෙන ජූනි මස අවසන් වීමට පෙර සම්මත කරගන්නා බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *