ජෝන්පුල්ලේගේ නිවසට ගිනි තැබීමේ සිද්ධියට චූදිතයන් වු දෙදෙනෙකුට සිර දඬුවම්

වෛද්‍ය රාජා ජෝන්පුල්ලේ මහතාගේ නිවසට සහ වෛද්‍ය මධ්‍යස්ථානයට ගිනි තබා වාහන ඇතුළුව රුපියල් ලක්ෂ අටසීයකට අධික වටිනාකමකින් යුත් දේපළවලට ගිනි තබා විනාශ කිරීම සම්බන්ධ යෙන් චූදිතයන් වී සිටින ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පාලන සමයේ මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ හිටපු උපසභාපතිවරයෙකුට( ආර් ඒ අනිල්) සහ තවත් මන්තීවරයෙකුව අයකුට
මහාධිකරණ විනිසුරු(උතුරු මැද පළාත් බද) ලක්මාලී හේවාවසම් මෙනවිය විසින් බරපතල සිර දඬුවම් සහ දඩ නියම කර තිබෙනවා.
ඒ අනුව අධි චෝදනා තුනකට විත්තිකරුවන් දෙදෙනාට බරපතළ වැඩ සහිත වසර හත බැගින් සිර දඬුවම් නියම කර තිබෙනවා.
තවද, විත්තිකරුවන් දෙදෙනාට රුපියල් ලක්ෂය බැගින් දඩ නියම කළ මහාධිකරණ විනිසුරුවරයා, දඩ මුදල් ගෙවීමට අපොහොසත් වුවහොත් එක් අයෙකුට තවත් වසරක සිර දඬුවමක් නියම කළේය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *