තමා අත්අඩංගුවට ගැනීමේ නියෝගය අත්හිටුවන අතුරු තහනමක් ඉල්ලා දේශබන්දු ගොනු කළ රිට් පෙත්සම ප්‍රතික්ෂේපයි

තමා අත්අඩංගුවට ගැනීමේ නියෝගය අත්හිටුවන අතුරු තහනමක් ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ගොනුකළ රීට් පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ, විභාගයට ගැනීමකින් තොරවයි.

අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් මහතා ප්‍රමුඛ විනිසුරු මඩුල්ලක් හමුවේ අද එය කැඳවනු ලැබුවේ ය.

දේශබන්දු තෙන්නකෝන් මහතා, අභියාචනාධිකරණය හමුවේ එම රීට් පෙත්සම ගොනුකළේ, පසුගිය 10 වැනිදා ය.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගන්නැයි මාතර මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය පෙබරවාරී මස 28 වැනිදා නියෝගයක් නිකුත් කළේ ය.

ඒ, 2023 දෙසැම්බර් 31 වැනිදා මාතර පැලෑන ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන වලට අදාළවයි.

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇන්ස්ලම් ද සිල්වා ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු එලෙස අත්අඩංගුවට ගැනීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

මනුෂ්‍ය ඝාතනයක් සඳහා කුමන්ත්‍රණය කිරීමේ චෝදනා යටතේ ඔවුන් අත්අඩංගුවට ගැනීමට නියෝග කෙරිණ.

What's your reaction?

Related Posts

1 of 645

Leave A Reply

Your email address will not be published. Required fields are marked *