තඹුත්තේගමදී රිවෝල්වරයක් සහ පතොරොම් පොලිස් භාරයට

තඹුත්තේගම පොලිස් වසමේ රාජාංගනය පාර 03 බස් නැවතුම්පොළ අසලදී සිදුකළ පරීක්ෂාවකදී රිවෝල්වර් අවියක් සහ ජීව පතොරොම් කිහිපයක් සොයාගැනීමට පොලිසිය සමත්ව තිබේ. රාජකාරි සඳහා ගමන් කරමින් සිටි නිකවැරටිය කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු විසින් සැකකටයුතු යතුරුපැදියක් නවතා පරීක්ෂා කිරීමේදී, එහි ගමන් ගත් පුද්ගලයෙකු සන්තකයේ තිබී රිවෝල්වර් පතොරොම් 04ක් හමුවී ඇත.​පරීක්ෂා කිරීම් අතරතුර යතුරුපැදිකරු ක්ෂණිකව යතුරුපැදිය පණගන්වා එම ස්ථානයෙන් පළා ගොස් තිබේ. අනතුරුව අදාළ නිලධාරියා විසින් තඹුත්තේගම පොලිසිය දැනුවත් කිරීමෙන් පසු, පොලිස් කණ්ඩායමක් පැමිණ අවට ප්‍රදේශය සෝදිසි කර ඇත.​එම සෝදිසියේදී සැකකරුවන් විසින් මාර්ගය අසල දමා ගොස් තිබූ විදෙස් රටක නිෂ්පාදිත රිවෝල්වර් අවියක් සහ තවත් පතොරොම් 05ක් පොලිස් භාරයට ගෙන තිබේ. පළා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා තඹුත්තේගම පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.

What's your reaction?

Related Posts

1 of 1,423

Leave A Reply

Your email address will not be published. Required fields are marked *