ත්‍රිකුණාමලයේ සාම්පූර්හි සූර්ය බලාගාර ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය

ත්‍රිකුණාමලයේ සාම්පූර්හි සූර්ය බලාගාර ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (20) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

සූර්ය බලාගාරය ස්ථාපිත කිරීමේදි  පළමු අදියරේදී මෙගාවොට් 50ක්  දෙවන අදියරේදී මෙගාවොට් 70ක්  ලෙස ස්ථාපිත කෙරේ.

එමෙන්ම රජයන් දෙකක් අතර සිදු කරනු ලබන ව්‍යාපෘතියක් ලෙස ලංකා විදුලිබල මණ්ඩලය සහ ඉන්දියාවේ ජාතික තාප විදුලි සංස්ථාවේ හවුල් ව්‍යාපාර සමාගම (Trincomalee Power Company Ltd ) විසින් ඉදිකිරීම, අයිතිය දැරීම සහ ක්‍රියාත්මක කිරීමේ පදනම මත ත්‍රිකුණාමලයේ සාම්පූර්හි සූර්ය බලාගාර ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකා රජය සහ ඉන්දීය රජය අතර එකඟතාවකට පැමිණ ඇත.

What's your reaction?

Related Posts

1 of 558

Leave A Reply

Your email address will not be published. Required fields are marked *