දියේ ගිලීම්වලින් තිදෙනෙකු මරුට, සිව්දෙනෙක් අතුරුදන්…

අද සිදුවූ දියේ ගිලීම් කිහිපයකින් පුද්ගලයින් තුන්දෙනෙක් මිය ගොස් හතර දෙනෙක් අතුරුදන්ව තිබේ.

කුරුණෑගල ප්‍රදේශයේ ගල්ගමුව පාලුකඩවල වැවේ දිය නෑමට ගිය දැරියන් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇත.

අප වාර්තාකරු පැවසුවේ ඔවුන් එම ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණ සිටියදී අද දහවල් මෙම වැවේ දිය නෑමට ගොස් ඇති අතර එම අවස්ථවේ ඔවුන් මෙම අනතුරට මුහුණ පා ඇති බවයි

මියගොස් ඇත්තේ අවුරුදු 12 සහ 17 වැනි වියේ පසුවූ දැරියන් දෙදෙනෙක්.

මේ අතර දැදුරු ඔ‍යේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලි අතුරුදන්ව තිබේ.

අප වාර්තාකරු පැවසුවේ වන්දනා ගමනක් පැමිණි පිරිසක් දැදුරු ඔයේ දිය නෑමට ගොස් ඇති අතර, එහිදි තුන්දෙනෙකු දියේ ගිලි ඇති බවයි.

පසුව ප්‍රදේශවාසීන් එක්ව ඉන් දෙදෙනෙක් බේරාගෙන තිබේ.

අතුරුදන්ව ඇත්තේ 28 හැවිරිදි පුද්ගලයෙක්

මේ අතර වෙන්නප්පුව මුහුදේ දිය නාමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු දියේ ගිලි අතුරුදන් වී ඇති බව පොලීසිය පවසයි.

එක් අයෙකුගේ මළසිරුර පසුව හමුව ඇති අතර අනෙක් තිදෙනාගේ සිරුරු සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.
 

What's your reaction?

Related Posts

1 of 749

Leave A Reply

Your email address will not be published. Required fields are marked *