ලැයිස්තුවලින් තේරී පත්වන පළාත් පාලන සභිකයින් දින 07ක් ඇතුළත නම් කරන්න – මැතිවරණ කොමිසම

පළාත් පාලන ඡන්ද විමසීමෙන් එක් එක් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින්  ලබා ගත් ඡන්ද සංඛ්‍යාව අනුව ලැයිස්තුවෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගේ නම්  දින 07ක් ඇතුළත නම්කර එවන්නැයි මැතිවරණ කොමිසම දැනුම් දී තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, එම පක්ෂවල ලේකම්වරුන්ට හා ස්වාධීන කණ්ඩායම්වල නායකයින්ට ඒ පිළිබඳ දැනුම් දී ඇති බවයි.

ලැයිස්තුවල මන්ත්‍රීවරුන් නම් කිරීමේදී කාන්තා නියෝජනය සිදුවිය යුතු ආකාරය සම්බන්ධයෙන් ද උපදෙස් නිකුත් කළ බව  කොමිසම සඳහන් කළේය.

එම නම් ලැබුණු පසු පළාත් පාලන ඡන්ද විමසීමෙන් කොට්ඨාස මට්ටමෙන් ඡන්දයෙන් තේරීපත්වූ  මන්ත්‍රීවරුන්ගේ නම් සමග ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර තිබේ.

මැතිවරණ කොමිසම පැවසුවේ පළාත් පාලන ආයතනවල පිහිටුවීම ලබන මස 02 වැනිදා ආරම්භ කළ යුතු බවයි

What's your reaction?

Related Posts

1 of 1,141

Leave A Reply

Your email address will not be published. Required fields are marked *