දීපාවලී වෙනුවෙන් ප්‍රදේශ කිහිපයක මත්පැන් අලෙවිය හෙට අත්හිටුවයි

උදාවන දීපාවලී උත්සවය නිමිත්තෙන් හෙට (08) දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක මත්පැන් අලෙවිසල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ නියෝගයකට අනුව මෙම පියවර ගෙන ඇත.​මෙම තහනම උතුරු පළාතේ සියලුම ප්‍රදේශවලට මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයට ද බලපානු ලබයි. එමෙන්ම මහියංගනය සහ රිදිමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හැර බදුල්ල දිස්ත්‍රික්කයේ සසුලුම ප්‍රදේශවල සිල්ලර මත්පැන් හල් හෙට දිනයේ වසා තැබිය යුතුය. කෙසේ වෙතත්, සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් යම් යම් හෝටල් සහ බුටික් විලා සපයන ස්ථාන සඳහා මෙම නියෝගයෙන් නිදහස් හිමිවේ.​නීති විරෝධී ලෙස මත්පැන් අලෙවි කරන හෝ බලපත්‍ර කොන්දේසි කඩකරන ස්ථාන පිළිබඳව 1913 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ තොරතුරු ලබාදෙන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර, එවැනි ස්ථානවලට එරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක කිරීමට නිලධාරීන්ට උපදෙස් දී ඇත.

What's your reaction?

Related Posts

1 of 1,412

Leave A Reply

Your email address will not be published. Required fields are marked *