ශ්‍රී ලන්කන් ගුවන් සේවයට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු කටයුත්ත අද (18) අවසන් කිරීමට නියෝග කෙරුණා. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මේ සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම්දීමකින් අනතුරුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මෙම තීරණය ප්‍රකාශයට පත් කළා.මෙම නඩුවේ පළමු සැකකරු වන කපිල චන්ද්‍රසේන මියගොස් ඇති බවත්, තවත් සැකකරුවන් දෙදෙනෙකු වන ප්‍රියංකා නියෝමාලි සහ ශමින්ද්‍ර රාජපක්ෂ යන අයට විවෘත වරෙන්තු නිකුත් කර ඇති බවත් විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියා. එමෙන්ම මෙහි සිව්වන සැකකරු වන නාමල් රාජපක්ෂ හෙට (19) දිනය දක්වා බන්ධනාගාර භාරයේ රඳවා තැබීමට මහාධිකරණය මේ වන විටත් නියෝග කර තිබෙනවා.මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුව මෙලෙස අවසන් කළද එය සැකකරුවන් චෝදනාවලින් නිදහස් කිරීමක් නොවන අතර, සිද්ධියට අදාළ මුල් වාර්තා සහ නඩු භාණ්ඩ කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය වෙත යොමු කර තිබෙනවා. ඒ අනුව ඉදිරි නඩු විභාගය මහාධිකරණය හමුවේ පැවැත්වීමට නියමිතයි.



























