එහිදී අදහස් දැක්වූ කාරක සභික කාරියමඩිත්තේ ඥාණාරාම හිමි.
“යෝජිත ගාලු වරාය සංවර්ධන ව්‍යාපෘතිය ගාලු බොක්ක හෙක්ටයාර් 45 ක් ගොඩ කර, මීටර් 850 ක් සහ මීටර් 150 ක් දිගැති දිය කඩන දෙකක්, විශාල ප්‍රමාණයේ යාත්‍රා නැවැත්වීමට මීටර් 150 ක් දිග සහ මීටර් 12.5 ක් ගැඹුරකින් යුතු ජැටියක් ද නිර්මාණය කිරීමට යෝජිතය.
පසුගිය රජය සමයේ, දීර්ඝ කාලීන බොහෝ විරෝධතා මැද නතරව තිබූ මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරිමට අදාල කටයුතු සිදු කල අතර මේවන විට පිටු 500 ක EIA වාර්තාවක් මහජන අදහස් විමසීම සඳහා විවෘත කර ඇත. ශ්‍රි ලංකා වරාය අධිකාරියේ යෝජනාවක් මත වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් මෙම ව්‍යාපෘතිය අනුමත කිරීමට කටයුතු කරමින් ඇත.
මෙම ව්‍යාපෘතිය හරහා දැවැන්ත පරිසර හානියක් සිදුවීමට නියමිතව ඇති අතර ලංකාවේ ඉහලම ජෛව විවිධත්වයක් සහිත කොරල් පරය ලෙස සැලකෙන බොනවිස්ටා කොරල් පරයට විශාල හානියක් මින් සිදු වේ. මෙම කොරල් පරයෙන් මත්ස්‍ය විශේෂ 491 ක් සොයාගෙන ඇත. එය මෙරට කොරල් පරයකින් හමු වූ වැඩිම මත්ස්‍යා විශේෂ සංඛ්‍යාව වේ. ලෝක සංරක්ෂණ සංගමය 1993 දී ප්‍රකාශයට පත්කළ ජාතික සත්ව වාර්තාවට අනුව වඳවීමේ තර්ජනයට ලක්ව ඇති මත්ස්‍ය විශේෂ 72 න් 36 ක්ම රූමස්සල කොරල් පරයේ ජීවත් වේ. ඒ අනුව යෝජිත ව්‍යාපෘතිය හරහා කොරල් පර වෙත බලපෑම ඉහළ සහ දිගුකාලීන බලපෑම්ය. ඉන් කොරල් මිය යෑම, වර්ධනය අඩුවීම, අළුතින් ඇතිවීම අඩුවීම, කොරල් සහ මත්ස්‍ය විවිධත්වයට අධික බලපෑමක් සිදු වේ.
එසේම, කැනීම් කටයුතු හේතුවෙන් මුහුදු පතුලට සිදුවන හානිය ද විශාලය. විශේෂයෙන් ලංකාවට වටිනාම සම්පතක් වන කැස්බෑවුන් ප්‍රභේද ගණනාවක්ම මෙම ප්‍රදේශයේ ජීවත් වේ. යන්ත්‍ර මගින් නිකුත් කරන ශබ්ද දූෂණය, තෙල් සහ රසායනික ද්‍රව්‍ය ඉසිරීම මගින් මුහුදු ක්ෂීරපායින් සහ කැස්බෑවුන් ආදි සත්ව සහ ශාඛ විශේෂ මිය යෑම සිදු විය හැක.
ගාලු වරය ආශ්‍රිතව ධීවර කර්මාන්තය ජීවනෝපාය කරගත් ජනතාවට ද අධික බපෑමක් සිදු වීමට නියමිතය. මත්ස්‍ය ගහණයේ සහ ගැවසීමේ වෙනස්කම්, බෝවීමේ ස්ථාන වෙත ඇතිවන බලපෑම් අධිකය. නොගැඹුරු මුහුදේ අඟුල් ඔරු මගින්, මාදැල් මගින් ධීවර කටයුතු කරන ජනතාවගේ ජීවනෝපාය මුළුමනින් ම අහිමි විම සිදු වේ.
සංචාරක කර්මාන්තයට ද විශාල බලපෑමක් සිදු වේ. හොටෙල් සදහා දෘෂ්ටි පරිසරය විනාශ වීම, දියමත ලිස්සා යෑමේ ක්‍රිඩාවන්හි නිතරවන හිමිකරුවන්, සේවා සපයන්නන්ගේ ජීවනෝපායන් ද අහිමි වීමට නියමිතය. ඒ අනුව ජෛව පරිසර පද්ධතීන්, ජන ජීවිත, ඇතුළු බොහෝ ක්ෂේත්‍රයන්ට දැඩි බලපෑමක්, විනාශයක් ඇති කරමින් යෝජිත ගාලු වරය සංවර්ධන ව්‍යාපෘතිය වහාම නතර කරන ලෙස වත්මන් ආණ්ඩුවට බල කර සිටිමු.
එහිදී අදහස් දැක්වූ කාරක සභික දිමුතු සඳරුවන්.
“රටේ සියලු ප්‍රශ්න අබිබවා මේ දිනවල අලි මිනිස් ගැටුම පිළිබඳව නැවත කතා බහක් ඇති වෙලා තිබෙනවා. අලි මිනිස් ගැටුම පාලනය කිරීමට වන අලි ගහණය, සංචරණ රටා හා වාසස්ථාන පිළිබඳ අධ්‍යයනයක් සිදුකර, නව ක්‍රමවේද භාවිත කර ජන සහභාගීත්ව වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතුයි.
නමුත් ආණඩුව ඒ සඳහා ගත්ත ක්‍රියා මාර්ගය තමයි අලි පලවා හැරීම. එය නිසි කළමනාකරණයක් සහිතව අදියරෙන් අදියර කළ යුතු දෙයක්.
ඒක ක්ෂණික ක්‍රියාමාර්ගවලින් විසදන්න අපහසුයි. වන අලි වනාන්තර වලට පලවා හැරීම වර්තමානය ප්‍රායෝගික නෑ. ඒක අවදානම් සහගතයි. කාලය, මුදල් හා මිනිස් ශ්‍රමය නිකරුණේ අවභාවිත කිරීමක්.
වළව වම් ඉවුර ව්‍යාපෘතිය මගින් අලි ඇතුන් ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයට ගාල් කෙරුණා. ඒ අලි ඇතුන් පෝෂණ දුර්වලතා හා ඒ ඔස්‌සේ ඇතිවූ රෝගාබාධ නිසා මරණයට පත්වූණා.වයඹ පළාතේ අලි කහල්ල- පල්ලෙකැලේ සහ තබ්බෝව අභයභූමි වලට විල්පත්තුවට පලවාහැරියා.
ඒ උත්සාහයන් කිහිප වරක්ම අසාර්ථක වුණා. යාල ජාතික උද්‍යානය ආශ්‍රිතව දිවිගෙවූ අලි රංචු උද්‍යානයට ගාල්කර ඉදිකළ විදුලි වැට හේතුවෙන් හඳපානාගල ප්‍රදේශයේ ජීවත්වූ අලි වඳවී ගියා
යාලට පන්නා සිර කල අලි ගැහැනු සතුන් හා පැටවුන් විශාල ප්‍රමාණයක් ආහාර නොමැතිව මියගියාඅලි ගහනයන්ගේ ඉදිරි පැවැත්මට මේක අහිතකර තත්ත්වයක්
ගැටුම් හේතුවෙන් අලි මිනිස් දෙපාර්ශවයටම හානි සිදුවනවා. ජීවිතවලින් වන්දි ගෙවීමට ද දෙපාර්ශවයටම සිදුවෙනවා.
2024 අලි මරණ 385 ක් ලෙස වාර්තා වී තිබෙනවා.2010 සිට 2024 දක්වා අලි මරණ 4644 ක් වාර්තා වී තිබුණි.අලි මිනිස් ගැටුම නිසා 2024 මරණයට පත් මිනිසුන් ගණන 155 ක් විතර වෙනවා.
ගොවීන් සතුටු කිරීමේ තාවකාලික පැලැස්තර දැමීමේ ක්‍රියා නොමැතිව දිගුකාලීන පිළියම් කෙරෙහි අවධානය යොමු කළ යුතුයි.අලි එලවා දැමීම හිතුමතේ දවසින් දෙකෙන් කළ හැකි දෙයක් නෙවෙයි.
අලි වාසය කරන භූමි ඔවුන් වෙනුවෙන් සංරක්ෂණය සහ කලමණාකාරණය කරන්න ඕනෙ. වර්තමානය වෙද්දී වියළි කලාපයේ අලින් ජීවත් වූ භූමියේ විශාල වශයෙන් වනාන්තරය තුනී වීම, ඛණ්ඩනය වීම, ක්ශය වීම නොයෙක් ආකාරයට සිදුවී තියෙනවා.
අවිධිමත් ඉඩම් අත්පත් කරගැනීම,
ඒවා විශාල වතුහිමියන් හා මහාපරිමාන ගොවීන් අතර බෙදි යාම් ඒ ඉඩම් වටා සක්‍රීයව එල්ලෙන හා සිටවූ විදුලි වැට දවස පුරා ක්‍රියාත්මක වීම, වෙනත් සංවර්ධන කටයුතු වාරි කටයුතු වෙනුවෙන් භූමිය වෙන්වීම ආදියෙන් වන සතුන්ට අහිමි වෙන්නේ උන්ගේ සැබෑම භූමිය
මේ වගේ පසුබිමක් යටතේ වන අලින්ගේ භූමියේ ගුණාත්මකභාවය සහ ප්‍රමණාත්මකභාවය දැඩිලෙස පිරිහිලා.
සංරක්ෂිත භූමි ලෙස අලින්ටම වෙන් කර ඇති වාසභූමි මේ වනවිට පිරිහිලා තිබෙනවා
අහිමිවූ ආහාර වෙනුවට ආහාර සුපෝෂණ ක්‍රියාවලිය වනජීවී දෙපාර්තමේන්තුවෙන් සිදුවන්නේත් මන්දගාමීව.සංරක්ෂිත භූමියේ වන අලින් වෙනුවෙන් ආහාර හා ජලයට පැහැදිලිව සුරක්ෂිතභාවයක් නොමැති නිසා වන අලින් මේ වන විටත් ජාතික උද්‍යාන වලින් බැහැරව ගොවිබිම් ආශ්‍රිතව ජීවත් වීම සාමාන්‍ය දෙයක් වෙලා.
ඒ වගේම අවිධිමත් ව වේගයෙන් සිදුවූ ඉඩම් පරිභෝජනය සමග ගැටෙන්නත් වන අලින්ට සිදුවෙලා.අලින් හා මිනිසුන් එකට වෙසෙන කලාප හදුනාගැනීම,
රක්ෂිත වනාන්තරවල සුපෝෂණ ක්‍රියාවලිය යාවත්කාලීන කිරීම,
භූමියේ ගුණාත්මක සහ ප්‍රමණාත්මකභාවය නිවැරදිව හදුනාගැනීම. සතුන් හා මිනිසුන් අතර සහජීවනය ඉහළ නංවන්නත් කටයුතු කරන්න ඕනෙ.
ග්‍රාමීය විදුලි වැට, කාලීන කුඹුරු වැට වැනි දේට ප්‍රමුඛත්වය දී කටයුතු කිරීම සහ අලි මිනිස් ගැටුම අවම කිරීමේ ජාතික ක්‍රියාකාරි සැලැස්මක් ක්‍රියාත්මක කල යුතුයි
මේ සම්බන්ධව වගකීමෙන්, වැඩ කරන නිලධාරීන්, පරිසර සංරක්ෂකයින්ගේ, පර්‍යේශකයින්ගේ සහය ලබාගැනීම සහ මාධ්‍ය හරහා දැනුවත් වීමකට යාමත් අත්‍යාවශ්‍යයි.
අසාර්ථක අලි පලවාහැරීම් වෙනුවට භූමි කලමණාකාරය,
සංචරණ මංකඩවල් සියලු කැලෑ, ලදු කැලෑ, ජාතික වන උද්‍යානය යා වෙන එකම පරිසර පද්ධතියක් නිර්මාණය කිරීමත් වඩාත් ප්‍රායෝගිකයි”