පලස්තීනය වෙනුවෙන් වූ 77 වන අල්-නක්බා සැමරුමට අගමැතිනිය එක්වෙයි

පලස්තීනය වෙනුවෙන් වූ  77 වන අල්-නක්බා සැමරුම් උත්සවයට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහභාගී විය.

 ‘නක්බා අවසන් කිරීම සහ පලස්තීන ජනතාවගේ අහිමි කළ නොහැකි අයිතිවාසිකම් සාක්ෂාත් කර ගැනීම සඳහා ජාත්‍යන්තර ක්‍රියාමාර්ග’ යන තේමාව යටතේ පැවති මෙම සැමරුම් උත්සවය ඊයේ (15) කොළඹ 07, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු හා පර්යේෂණ ආයතනයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ පලස්තීන රාජ්‍ය තානාපති කාර්යාලය සහ පලස්තීන ව්‍යසනය සිහිපත් කිරීම සඳහා වූ ශ්‍රී ලංකා සහයෝගිතා කමිටුව එක්ව මෙම උත්සවය සංවිධානය කර තිබිණි.

මෙම අවස්ථාවට ආගමික නායකයින්, ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්, විදේශ තානාපති කාර්යාලවල ප්‍රධානීන් සහ පලස්තීන නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

What's your reaction?

Related Posts

1 of 1,274

Leave A Reply

Your email address will not be published. Required fields are marked *