සබරගමුව පළාත මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට ඉදිරියේදී විටින් විට වැසි ඇති විය හැකි අතර, එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවූ තරමක තද වැසි අපේක්ෂා කළ හැක. ඊට අමතරව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් වාර්තා විය හැකි බව කාලගුණ අංශ පෙන්වා දෙයි.දිවයිනේ සෙසු ප්‍රදේශවල සාමාන්‍යයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින නමුත්, ඌව පළාතේ මෙන්ම අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල සමහර ස්ථානවලට පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් පවතී.බස්නාහිර, සබරගමුව, දකුණු, උතුරු-මැද, මධ්‍යම සහ වයඹ පළාත්වල මෙන්ම මන්නාරම, ත්‍රිකුණාමලය සහ මොණරාගල දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර ප්‍රබල සුළං ඇති විය හැක. එබැවින්, ගිගුරුම් සහිත වැසි සමග මතුවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු හේතුවෙන් සිදුවිය හැකි හානි වළළා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.



























