මේ වන විට පළාත් පාලන ඡන්දය සම්බන්ධයෙන් පැමිණිලි 180ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, පසුගිය 20 වැනිදා සිට 28 වැනිදා දක්වා කාලය තුළ මෙම පැමිණිලි ලැබී ඇති බවයි.
ඒ අනුව, ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් එක් පැමිණිල්ලක් සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 179ක් මැතිවරණ කොමිෂන් සභාව වෙත වාර්තා වී ඇත.
ලද පැමිණිලි 180න් 133ක් මේ වන විට විසඳා ඇති බවත්, ඉතිරි පැමිණිලි 47 විසඳීම සඳහා කටයුතු සිදු කරමින් පවතින බවත් මැතිවරණ කොමිෂන් සභාව තම නිවේදනයේ සඳහන් කර තිබේ.