ප්‍රදේශ කිහිපයකට මි.මී. 100 ඉක්මවන තද වැසි

දිවයිනේ ප්‍රදේශ රැසක අද පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, නැගෙනහිර පළාත් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තැනින් තැන උදෑසන කාලයේදීත් වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.​විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු, උතුරු-මැද යන පළාත් මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇද හැලිය හැක. ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.​ඊට අමතරව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව පළාත් ඇතුළුව ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල අලුයම් කාලයේදී මීදුම් සහිත කාලගුණ තත්ත්වයක් පැවැත්වීමට ඉඩ ඇත.

What's your reaction?

Related Posts

1 of 1,415

Leave A Reply

Your email address will not be published. Required fields are marked *