හිටපු රාජ්ය අමාත්ය ප්රේමලාල් ජයසේකර මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්රේෂ්ඨාධිකරණය විසින් අද (21) විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබේ. අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම නියෝගය ලබා දී ඇති අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා මාර්ගයෙන් වරෙන්තුව නිකුත් කර එය කඩිනමින් ක්රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයාට දැනුම් දී ඇත.2015 ජනාධිපතිවරණ සමයේදී කහවත්ත ප්රදේශයේ පැවැති ප්රචාරක රැළියකට එල්ල වූ වෙඩි ප්රහාරයකින් පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ප්රේමලාල් ජයසේකර මහතා ඇතුළු තිදෙනෙකුට රත්නපුර මහාධිකරණය මරණීය දණ්ඩනය නියම කර තිබූ අතර, පසුව අභියාචනාධිකරණය මගින් ඔවුන් නිදොස් කොට නිදහස් කරන ලදී. එම නිදහස් කිරීමට එරෙහිව ශ්රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනය අද කැඳවූ අවස්ථාවේදී ඔහු අධිකරණයේ පෙනී නොසිටි අතර, ඔහු විදේශගතව සිටින බව නියෝජ්ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.මෙම නඩු වාරය සඳහා අද දින අධිකරණයේ පෙනී සිටි සෙසු විත්තිකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද ශ්රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.



























