පාකිස්තාන යොවුන් පිතිකරුවන්ගෙන් ඉන්දියාවට දැවැන්ත අභියෝගයක්: සමීර් මින්හාස්ගෙන් වාර්තාගත ඉනිමක්

ඩුබායිහිදී පැවැත්වෙන 19න් පහළ ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා සටන අද (21) උණුසුම් මුහුණුවරක් ගත්තේය. ඉන්දියාවට එරෙහිව ප්‍රබල පිතිහරඹයක නිරත වූ පාකිස්තාන යොවුන් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 347ක් වැනි දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් පුවරුවට එක් කළේය. ඒ අනුව, මෙවර ආසියානු යොවුන් ශූරතාව දිනා ගැනීම සඳහා ඉන්දීය කණ්ඩායමට ලකුණු 348ක අසීරු ඉලක්කයක් හඹා යාමට සිදුව ඇත.​පාකිස්තාන ඉනිමේ පෙරළිකාරයා වූ ආරම්භක පිතිකරු සමීර් මින්හාස්, ඉන්දීය පන්දු යවන්නන් අසරණ කරමින් අතිවිශිෂ්ට ශතකයක් වාර්තා කිරීමට සමත් විය. සිය කණ්ඩායමට ශක්තිමත් පදනමක් දැමූ ඔහු මුහුණ දුන් පන්දු 113ක් තුළ වේගවත් ලකුණු 172ක් රැස් කළේය. ප්‍රේක්ෂකයින් පිනවූ ඔහුගේ මෙම සුපිරි ඉනිම හතරේ පහර 17කින් සහ හයේ පහර 9කින් වර්ණවත් වීම විශේෂත්වයකි.​ප්‍රබල ඉන්දීය යොවුන් පන්දු බලඇණිය හමුවේ කිසිදු චකිතයකින් තොරව පන්දුවට පහරදුන් පාකිස්තාන ක්‍රීඩකයෝ තරගයේ මුල සිටම පාලනය තමන් නතු කරගත්හ. ලකුණු 350 සීමාව ආසන්නයටම ලකුණු පුවරුව රැගෙන යමින් ඔවුන් දැක්වූ මෙම දක්ෂතාවය හේතුවෙන්, අවසන් මහා තරගයේ ජයග්‍රාහී පීඩනය මේ වන විට ඉන්දීය පිතිකරුවන් වෙත යොමුව තිබේ.

What's your reaction?

Related Posts

1 of 546

Leave A Reply

Your email address will not be published. Required fields are marked *