දිවයිනේ ප්‍රදේශ කිහිපයක පවතින වළාකුළින් බර කාලගුණ තත්ත්වයත් සමඟ බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන් සබරගමුව පළාත මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක තද වැසි පතිත වීමේ හැකියාවක් පවතී.ඊට අමතරව උතුරු-මැද, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ යන පළාත් හරහා පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර වේගයකින් හමන තරමක තද සුළං ඇතිවිය හැකි බවද සඳහන් වේ. මෙම තත්ත්වය හමුවේ ප්‍රදේශ කිහිපයකම සුළඟේ වේගය වරින් වර ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතී.ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලිකව ඇතිවන තද සුළං සහ අකුණු අනතුරු මගින් සිදුවිය හැකි හානි අවම කර ගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.



























