මධ්‍යම පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු දිවුරුම් දෙයි

මධ්‍යම පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස විශ්‍රාමික ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතා පත්කර තිබේ. ඒ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද සිය ධුරයේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.​වෛද්‍ය ප්‍රනාන්දු මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත්කරණ විශේෂඥයෙකු ලෙස විදේශ රටවල් රැසක සේවය කර ඇති අතර, මහනුවර දිස්ත්‍රික් ප්‍රජා වෛද්‍යවරයා ලෙස ද දීර්ඝ කාලයක් කටයුතු කරමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයට සැලකිය යුතු මෙහෙවරක් ඉටුකර ඇති ජ්‍යෙෂ්ඨ වෘත්තිකයෙකි.

What's your reaction?

Related Posts

1 of 1,271

Leave A Reply

Your email address will not be published. Required fields are marked *