මහර බන්ධනාගාර ගැටුම පිටුපස කුමන්ත්‍රණයක් තිබුණේදැයි සෙවීමට පරීක්ෂණයක් – අධිකරණ ඇමති

මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය පිටුපස යම් බාහිර හස්තයක හෝ කුමන්ත්‍රණයක බලපෑමක් තිබේද යන්න සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා අද (04) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය. පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මෙම සිදුවීමට සමාන ආකාරයේ කළහකාරී සිදුවීම් දිවයිනේ තවත් බන්ධනාගාර කිහිපයක නිර්මාණය කිරීමට ඇතැම් පිරිස් උත්සාහ දරා ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවයි.​මීට අමතරව, විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීමට අදාළ යෝජනාව සම්බන්ධයෙන්ද අද දිනයේ පාර්ලිමේන්තුවේදී විශේෂ අවධානයක් යොමු විය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ආණ්ඩු පක්ෂය හමුවේ මෙකි කරුණ සම්බන්ධයෙන් ප්‍රශ්න කිහිපයක් යොමු කළ අතර, ඊට අදාළ නිල පිළිතුරු ලබාදීමටද අධිකරණ අමාත්‍යවරයා පියවර ගත්තේය.​මෙම කරුණු දෙක පිළිබඳවම පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා අවධාරණය කළේ බන්ධනාගාර පද්ධතියේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බවයි. බන්ධනාගාර සිදුවීමට සම්බන්ධ මහමොළකරුවන් සොයා නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ විමර්ශන කණ්ඩායම් දැනටමත් කටයුතු කරමින් සිටින බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

What's your reaction?

Related Posts

1 of 1,269

Leave A Reply

Your email address will not be published. Required fields are marked *