මහවැලි ද්‍රෝණියට හදිසි ගංවතුර රතු නිවේදනයක්

මහවැලි ගංඟාවේ ඉහළ ධාරා ප්‍රදේශවලට ඇදහැලුණු අධික වර්ෂාව මෙන්ම කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමේ හැඩය හේතුවෙන් ඉදිරි පැය 48 ඇතුළත දැඩි ගංවතුර තත්ත්වයක් මතුවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.​අගෝස්තු 03 වැනි දින පස්වරු 1.00 ට නිකුත් කර ඇති මෙම හදිසි රතු නිවේදනය ලබන අගෝස්තු 05 වැනි දින පස්වරු 1.00 දක්වා ක්‍රියාත්මක වන අතර, උඩුනුවර, උඩපළාත, යටිනුවර, දොළුව, කොත්මලේ, පස්බාගේ කෝරළය, ගඟ ඉහළ කෝරළය, ගඟවට කෝරළය, හාරිස්පත්තුව සහ පාතදුම්බර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මේ යටතට ආවරණය වේ.​ඒ අනුව, මහවැලි ගඟ ආසන්නයේ පහත්බිම්වල ජීවත්වන ජනතාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු අතර, හදිසි අවදානම් තත්ත්වයන් මඟහරවා ගැනීම පිණිස අවශ්‍ය සියලු ආරක්ෂක පියවර කඩිනමින් අනුගමනය කරන ලෙස බලධාරීන් තරයේ ඉල්ලා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,267

Leave A Reply

Your email address will not be published. Required fields are marked *