මාලිංගගේ වාර්තාවක් බිද දමයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් පිල වෙනුවෙන් මේ දක්වා වැඩිම කඩුළු සංඛ්‍යාවක් දවාගෙන පළමු ස්ථානයේ සිටි ලසිත් මාලිංගගේ වාර්තාව බිද දැමීමට ජස්ප්‍රිට් බුම්රා සමත්ව තිබේ.

ඒ, ඊයේ (27) දිනයේ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමග පැවැති තරගයේදි කඩුළු 4ක් දවා ගැනීමත් සමගයි. ඒ අනුව මෙතෙක් කඩුළු 170ක් දවාගෙන සිටින ලසිත් මාලිංගගේ වාර්තාව බිද දමමින් බුම්රා කඩුළු 174ක් බිඳ දැමීමට ඊයේ සමත් විය.

What's your reaction?

Related Posts

1 of 1,107

Leave A Reply

Your email address will not be published. Required fields are marked *