සුළි කුණාටුවෙන් සිදු වූ විනාශයෙන් පසු ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීම සහ රට යළි ගොඩනැගීම වෙනුවෙන් පිහිටුවා ඇති “ශ්‍රී ලංකා පුනර්ජීවන අරමුදල” සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයින් සිය එක් දින වැටුප පරිත්‍යාග කර තිබේ. ජනාධිපති කාර්යාලය සඳහන් කළේ රුපියල් 40,870,686ක මුදලකට අදාළ චෙක්පත ඊයේ (ජනවාරි 22) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක මහතා වෙත නිල වශයෙන් භාර දුන් බවයි.සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් නිලධාරී ජී.වයි.බී. පෙරේරා මහතා විසින් මෙම ප්‍රදානය සිදු කළ අතර, එම අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) පාලිත ප්‍රනාන්දු යන මහත්වරුන් ද එක්ව සිටියහ.


























