රත්මලානෙන් අත්බෝම්බයක් සහ ආයුධ රැසක් සමග සැකකරුවන් 6ක් අත්අඩංගුවට

රත්මලාන, ගොනා කෝවිල ප්‍රදේශයේ පිහිටි නිවසක් වටලා කඩු තුනක්, කෙටේරියක්, කිනිසි තුනක් සහ මෙරට නිෂ්පාදිත අත්බෝම්බයක් සමඟ පුද්ගලයන් හයදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස දූෂණ මර්දන අංශය සමත්ව තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් ලක්ෂ තුනක මුදලක් සහ ජංගම දුරකථන 8ක් ද එම ස්ථානයේ තිබී සොයාගෙන ඇත. “සුපුන් සර්පයා ඇතුළුවීම තහනම්” යනුවෙන් සටහන් කර තිබූ මෙම නිවස පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත්තේ, රත්මලාන ආතර් පෙදෙසේදී ‘අයිස්’ මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1,000ක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලිනි.​අත්අඩංගුවට පත් පිරිස අතර 29 හැවිරිදි ප්‍රධාන සැකකරු ඇතුළුව අවුරුදු 22ත් 51ත් අතර වයස්වල පසුවන රත්මලාන, නාවලපිටිය සහ ඇහැලියගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. මෙම වැටලීම ගල්කිස්ස පොලිසියේ විශේෂ යතුරුපැදි බලකා නිලධාරීන්ගේ සහ දූෂණ මර්දන අංශයේ ඒකාබද්ධ මෙහෙයුමක ප්‍රතිඵලයකි.​අත්අඩංගුවට ගත් සැකකරුවන් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර රඳවා තබා ගැනීමේ නියෝග ලබාගැනීමට පියවර ගනිමින් සිටින අතර, සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

What's your reaction?

Related Posts

1 of 1,275

Leave A Reply

Your email address will not be published. Required fields are marked *