සංවිධානාත්මක අපරාධකරුවකුට පහසුකම් සැලසීම සඳහා ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක දැවැන්ත මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත. ඒ අනුව, මෙම සිද්ධියේ ප්රධාන සැකකරු වන චරිත් අබේසිංහට අයත් සුඛෝපභෝගී නිවසක් තහනම් කිරීමට පියවර ගෙන තිබේ.අල්ලස් කොමිසම මෝසමක් ගොනු කරමින් අධිකරණයට දන්වා ඇත්තේ, 2025 අංක 5 දරන අපරාධයකින් උත්පාදිත දේපළ පිළිබඳ පනත යටතේ මෙම දේපළ තහනම් කර ඇති බවයි. මීට අමතරව, සිද්ධියේ දෙවන සැකකරු වන නීතිඥ රඛිත රාජපක්ෂට අයත් සුඛෝපභෝගී වාහන කිහිපයක් සහ බැංකු ගිණුම් හතරක් ද මීට පෙර මහාධිකරණය මඟින් තහනම් කර තිබූ බව සඳහන් වේ.එමෙන්ම, තෙවන සැකකරු වන වරුණ හැන්දිගේ අරුණ චතුරංගගේ බිරිඳට සහ පියාට අයත් වාහන දෙකක් ද තහනම් කර ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී ඇත. කරුණු සලකා බැලූ කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා, මෙම නඩුව එළඹෙන දෙසැම්බර් 8 වන දින යළි කැඳවීමට නියෝග කළ අතර සැකකරුවන් තිදෙනා මේ වනවිට ඇප මත පසුවෙති.



























