ලාෆ්ස් ගෘහස්ථ ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් හෙට (16) පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හමුවට කැඳවා තිබේ.ඒ අනුව, අදාළ මිල වැඩි කිරීම පිළිබඳ පැහැදිලි කිරීමක් ලබා දීම සඳහා හෙට පෙරවරු 10.00ට අධිකාරිය හමුවේ පෙනී සිටින ලෙස එම සමාගමේ නියෝජිතයින්ට දැනුම් දී ඇත.පසුගිය නොවැම්බර් 13 වනදා ලාෆ්ස් ගෑස් සමාගම සිය ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල ඉහළ දැමීමට පියවර ගත් අතර, ජාත්‍යන්තර වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යාම සහ මෙරටට අවශ්‍ය ගෑස් තොග සපයා ගැනීමේ පිරිවැය වැඩි වීම ඊට හේතු වූ බව සමාගම සඳහන් කර තිබුණි.



























