වැටුප් විෂමතාවයට එරෙහි පොදු ගුරු විදුහල්පති එකමුතුව මාධ්‍ය හමුව

පූජ්‍ය උලපනේ සුමංගල හිමි

එලඹෙන අය වැයට පෙර ගුරු විදුහල්පති සංකේතාත්මක විරෝධතාවයක් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පවත්වනවා.එය පෙබරවාරි 14 දා පවත්වනවා.වැටුප් විෂමතාවයට එරෙහිව එම උද්ඝෝෂණය ආරම්භ කරනවා.සවස 2 ට අපි විරෝධතාවය ආරම්භ කරනවා.අපි මේ විරෝධතාවය ප්‍රකාශ කලාම ආණ්ඩුවට හිතවත් බත්බැලයෝ පාවා දීම ආරම්භ කර තිබෙනවා.ඒ නිසා පසුගියදා අගමැතිනි හමුවී ඔය බත්බැලයෝ ප්‍රකාශයක් කලා.

අපි අරගල කලේ පාලක පක්ෂයට හිතවත්ව නොවෙයි හැමදාම.
අපි එදා සිට අරගලයේ අඛණ්ඩව රැදී සිටියා.අපිට ඕන උනේ දේශපාලන පක්ෂයක් බලයට ගේන්න නොවෙයි.

හැමදාම හිගන්නාගේ තුවාලය වගේ මේක මේ තරම් දුර දිග ඇදගෙන ආවේ කවුද කියලා මේ වෘත්තීය සමිති වල ක්‍රියා කලාපයෙන් පේනවා.

ගුරු ප්‍රශ්නය අදටත් එලෙසමයි.
අද ගුරු විදුහල්පති උසස්වීම් සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක් තිබෙනවා.

හිටපු පක්ෂ දෙකම නියෝජනය කලේ එකම දෙයක්.ගුරු වැටුප හරියට ලබා දුන්නේ නෑ.මේ වෘත්තීය සමිතිත් 27 වෙනි අවුරුද්දටත් මහා පාවාදීම කලා.මේ බත්බැල සංගම් වල අපි බලු කෙදිරි දැක්කා.

මේ ආණ්ඩුව කලේ ගුරුවරයා දේශපාලන අවශ්‍යතාවයට කඩේ යැවීම පමණයි.

ගුරුවරයාගේ ප්‍රශ්නය විකුණගෙන කෑම දැන්වත් නවත්වන්න ඕන

ඒ නිසා 14 වෙනිදා අපි සංඛේතාත්මකව එකතු වෙනවා,විරෝධතාවය කරනවා

ආණ්ඩුව බීරි අලින්ට වීනා වයනවා සේ නොසිටිය යුතුයි

02 රෝෂන් ප්‍රියශාන්ත
එම අදහස් ම පල කලා

What's your reaction?

Related Posts

1 of 560

Leave A Reply

Your email address will not be published. Required fields are marked *