දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබේ. ඒ අනුව අද (25) පස්වරු 4.00 සිට හෙට (26) පස්වරු 4.00 දක්වා කාලය සඳහා මෙම නිවේදනය බලපැවැත්වේ.මෙම තත්ත්වය යටතේ ගාල්ල, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශ වෙත ‘ඉවත් වීමේ’ (3 වන මට්ටම) අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. මීට අමතරව, තවත් දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා ‘අවධානයෙන්’ සහ ‘විමසිලිමත් වන ලෙස’ වන 2 වන සහ 1 වන මට්ටමේ අනතුරු ඇඟවීම් ද ප්‍රකාශයට පත් කර තිබේ.



























