විදුලි පද්ධතියේ පවතින ස්ථාවරභාවය අවදානමක – නොදන්වා විදුලිය විසන්ධි වීමේ අවදානමක්

ජාතික විදුලි බල පද්ධතියේ ස්ථාවරභාවයට එල්ල වී ඇති දැඩි තර්ජනය හමුවේ, පූර්ව දැනුම්දීමකින් තොරව ග්‍රාමීය ප්‍රදේශවල විදුලිය විසන්ධි වීමේ ඉහළ හැකියාවක් පවතින බව බලශක්ති විශේෂඥ විදුර රලපනාව මහතා සඳහන් කරයි. පද්ධතියේ පවතින මෙම සංකීර්ණ තත්ත්වය හේතුවෙන් ඕනෑම මොහොතක විදුලි කප්පාදුවකට යාමට සිදුවීමේ අවදානමක් පවතින බවට ඔහු අනතුරු අඟවයි.​පවතින මෙම අර්බුදය ජලාශවල ජල මට්ටම අඩුවීම නිසා ඇතිවූවක් නොව, පද්ධතියේ පවතින සමස්ත උත්පාදන ධාරිතාව පිළිබඳ ගැටලුවක් බව හෙතෙම පෙන්වා දෙයි. විශේෂයෙන්ම මෙගාවොට් 320ක ධාරිතාවෙන් යුතු ‘සෝබාධනවි’ බලාගාරය හදිසියේ අක්‍රිය වුවහොත් එය පියවා ගැනීමට අවශ්‍ය අවම ආරක්ෂිත සංචිත ප්‍රමාණය පවත්වා ගැනීමට පවා පසුගිය දින 11න් දින 5කදීම බලධාරීන් අසමත් වී තිබේ.​මීට අමතරව, දෛනික විදුලි ඉල්ලුම තවත් මෙගාවොට් 100කින් පමණ ඉහළ ගියහොත් සමස්ත ජාලයම සම්පූර්ණයෙන් බිඳ වැටීම වැළැක්වීමේ පියවරක් ලෙස, පූර්ව දැනුම්දීමකින් තොරව ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි කිරීමට ජාතික පද්ධති මෙහෙයුම් මැදිරියට සිදුවනු ඇතැයි ද රලපනාව මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.

What's your reaction?

Related Posts

1 of 1,270

Leave A Reply

Your email address will not be published. Required fields are marked *