වෘත්තිකයින් 60කට අධික සංඛ්‍යාවක් මෙවර පාර්ලිමේන්තුවට

වෛද්‍ය, ගුරු, ඉංජිනේරු ඇතුළු වෘත්තිකයින් 60කට අධික සංඛ්‍යාවක් මෙවර දස වැනි පාර්ලිමේන්තුවට තේරීපත් වී තිබෙනවා.

ඉන් වැඩි පිරිසක් පාර්ලිමේන්තු වරම් දිනාගත්තේ ජාතික ජන බලවේගය නියෝජනය කරමින්.

2024 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජාතික ජන බලවේගය, සමගි ජන බලවේගය ඇතළු දේශපාලන පක්ෂ සහ එක් ස්වාධීන කණ්ඩායමක් නියෝජනය කරමින් වෘත්තිකයන් 60කට අධික පිරිසක් මෙවර දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබෙනවා.

ජාතික ජන බලවේගය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් නීතිඥවරු සිවු දෙනෙකු සහ එක් වෛද්‍යවරයෙකු පාර්ලිාම්න්තුවට පිවිසියා.

ඒ අතරට නීතීඥ සුනිල් වටගල සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියද ඇතුළත්.

ගම්පහ දිස්ත්‍රික්කයට ජාතික ජන බලවේගයෙන් තේරී පත්ව සිටින වෘත්තිකයින් ගණන 4ක්

කළුතර දිස්ත්‍රික්කයෙන් වෛද්‍ය නලින්ද ජයතිස්ස ඇතුළු වෘත්තිකයින් 4 දෙනෙකු ඇතුළත්.

මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් වෘත්තිකයින් දෙදෙනෙකු මෙවර ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටිනවා.

කථිකාචාර්ය දිනේෂ් හේමන්ත පෙරේරා මහතා මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුව තේරී පත්ව සිටින වෘත්තකයෙක්.

නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් වෛද්‍ය, නීතිඥ ඇතුළු වෘත්තිකයින් තිදෙනෙකු ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින අතර එම පක්ෂයෙන් ගාල්ල දිස්ත්‍රික්කයෙන් තේරීපත්ව සිටින වෘත්තිකයින් ගණන 3ක්.

මාතර දිස්ත්‍රික්කයෙන් වෘත්තිකයින් දෙදෙනෙකු හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ද වෘත්තිකයින් දෙදෙනෙකු ජාතික ජන බලවේගයෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරීපත් වුණා

ගුරුවරයෙකු වූ රොෂාන් අක්මීමන ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් ජාතික ජන බලවේගය නියෝජනය කරන වෘත්තිකයෙකු වනවා.

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙන් ද වෘත්තිකයින් දෙදෙනෙකු පාර්ලිමේන්තුවට තේරීපත්ව සිටින අතර යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එක් විදුහල්පතිවරයෙකු ජාතික ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසියා.

වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයෙන් ද එක් ගුරුවරයෙකු ජාතික ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වුණා

කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ගුරුවරුන් දෙදෙනෙකු ඇතුළු වෘත්තිකයින් සිවු දෙනෙකු ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින අතර පුත්තලම දිස්ත්‍රික්කයෙන් ද ජාතික ජන බලවේගය නියෝජනය කරමින් වෘත්තිකයින් දෙදෙනෙකු මෙවර පාර්ලිමේන්තුවට තේරීපත්ව තිබෙනවා.

අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වෛද්‍යවරු, නීතිඥවරු ඇතුළු වෘත්තිකයින් සිවු දෙනෙකු ජාතික ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත්ව සිටින අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ද ගුරුවරු දෙදෙනෙකු පාර්ලිමේන්තු පිවිසියා.

ජාතික ජන බලවේගයෙන් බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු පිවිසි වෘත්තිකයා වන්නේ ඉංජිනේරු රවීන්ද්‍ර බණ්ඩාරයි.

මොණරාගල දිස්ත්‍රික්කයෙන් විදුහල්පතිවරයෙකු සහ ගුරුවරයෙකු තේරීපත්ව සිටින අතර රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ජාතික ජන බලවේගයෙන් වෘත්තිකයින් 6 දෙනෙක් පාර්ලිමේන්තු වරම් ලැබුවා.

කෑගල්ල දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ද වෘත්තිකයින් 5 දෙනෙකු ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට පිවිසියා.

ජාතික ජන බලවේගය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් නීතිඥවරු සිවු දෙනෙකු සහ එක් වෛද්‍යවරයෙකු පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.

ඒ අතර නීතිඥ සුනිල් වටගල, නීතිඥ හර්ෂණ නානායක්කාර , නීතිඥ කෞශල්‍යා ආරියරත්න, නීතිඥ සුසන්ත දොඩාවත්ත, විශේෂඥ වෛද්‍ය මොහොමඩ් රිස්වි යන මහත්ම මහත්මීන් සිටින අතර අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ද කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන වෘත්තිකයින් අතරට අයත්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් මහාචාර්ය අනිල් ජයන්ත, මහාචාර්ය ක්‍රිෂාන්ත සිල්වා අබේසේන, නීතිඥ උපුල් ප්‍රියන්ත අබේවික්‍රම යන මහත්වරුන් හා ගුරුවරයෙකු වන මොහොමඩ් මුනීර් මහතා ද පාර්ලිමේන්තු පිවිසියා.

කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන වෘත්තිකයින් වන්නේ වෛද්‍ය නලින්ද ජයතිස්ස, නීතිඥ නිලන්ති කොට්ටහච්චිගේ විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ සහ ගුරුවරයෙකු වන සංජීව රණසිංහ අයයි.

මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් වෘත්තිකයින් දෙදෙනෙක් මෙවර පාර්ලිමේන්තුවට තේරීපත්ව සිටිනවා. ඒ ඉංජිනේරු‍තනුර හර්ෂණ දිසානායක සහ නීතීඥ තුෂාරි ජයසිංහයි

කථිකාචාර්ය දිනේෂ් හේමන්ත පෙරේරා මහතා මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුව තේරී පත්ව සිටින වෘත්තකයෙක්.

නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් වෛද්‍ය දහම් බණ්ඩාර සෙනෙවිරත්න, නීතීඥ අනුෂ්කා දර්ශනී තිලකරත්න හා ගුරුවරයෙකු වූ මංජුල සුරවීරආරච්චි මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරනවා.

ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන වෘත්තිකයන් වන්නේ නීතීඥ හසාරා ලියනගේ, වෛද්‍ය නිශාන්ත සමරවිර හා ගුරුවරයෙකු වූ තිලංක යූ ගමගේ යන අයයි.

මහාචාර්ය එල්.එම් අබේවික්‍රම හා ඉංජිනේරු අර්කම් ඉල්යාස් මාතර දිස්ත්‍රික්කය නියෝජනය කර වෘත්තිකයින් වනවා.

හම්බන්තොට දිස්ත්‍රික්කයෙනුත් මෙවර පාර්ලිමේන්තුවට ජාතික ජන බලවේගය නියෝජනය කරමින් වෘත්තිකයන් දෙදෙනෙක් තේරීපත්ව සිටින අතර වෛද්‍ය සාලිය සඳරුවන් හා ගුරුවරයෙකු වන අරවින්ද සෙනරත් ඒ අතර සිටිනවා

ගුරුවරයෙකු වූ රොෂාන් අක්මීමන ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් ජාතික ජන බලවේගය නියෝජනය කරන වෘත්තිකයායි.

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙන් ගුරුවරයෙකු වූ මංජුල රත්නායක හා නීතීඥ ප්‍රියන්ත කුමාර ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වුණා

යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තේරීපත් වූ ජයචන්ද්‍රමූර්ති රජිවන් විදුහල්පතිවරයෙක් ලෙස සේවය කරන අයෙක්.

වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයෙන් ද එක් ගුරුවරයෙක් ජාතික ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වුණා ඒ, ඒ.එම්. ජෙගතීෂ්වරන්.

කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ගුරුවරුන් දෙදෙනෙක් ඇතුළු වෘත්තිකයින් සිව් දෙනෙක් ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින අතර විශ්වවිද්‍යාල කථිකාචාර්ය බී.එම්. විජේසිරි, නීතීඥ ගීතා රත්නකුමාරි හා සුජීව ඉන්දික දිසානායක හා බණ්ඩාර තෙන්නකෝන් යන ගුරුවරුන් ඒ අතරට අයත්

පුත්තලම දිස්ත්‍රික්කයෙන්ද ජාතික ජන බලවේගය නියෝජනය කරමින් වෘත්තිකයන් දෙදෙනෙක් මෙවර පාර්ලිමේන්තුවට තේරීපත්ව තිබෙනවා ඒ මහාචාර්ය චන්දන අබේරත්න හා නීතීඥ හිරුණි මධූෂා විජේසිංහයි

අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සේන නානායක්කාර , වෛද්‍ය සුසිල් රණසිංහ, නීතීඥ භාග්‍ය ශ්‍රී හේරත්, හා බැංකු නිලධාරී තිලිණ තාරක සමරකෝන් පාර්ලිමේන්තුවට තේරී පත්වුණා.

පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ජාතික ජන බලවේගයේ ගුරුවරු දෙදෙනෙක් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට වරම් ලබා ගත් අතර ඒ සුනිල් රත්නසිරි සහ පද්මසිරි බණ්ඩාර යන අයයි.

ඉංජිනේරු රවින්ද්‍ර බණ්ඩාර ජාතික ජන බලවේගයෙන් බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තේරී පත් වූ වෘත්තිකයායි.

මොණරාගල දිස්ත්‍රික්කයෙන් විදුහල්පතිවරයෙකු වූ රුවන් විජේවීර ගුණරත්න, ගුරුවරයෙකු වූ චතුරි ගංගානි සහ නීතීඥ සරත් කුමාර තේරී පත්ව සිටිනවා.

රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ජාතික ජනබලවේගයෙන් පත්වූ වෘත්තිකයන් වන්නේ වෛද්‍ය ජනක සේනාරත්න, නීතීඥ නිලූෂා ලක්මාලි, මහාචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි, විදුහල්පතිවරයෙකු වූ ශාන්ත පද්මකුමාර හා ගුරුවරුන් වූ සුන්දරලිංගම් ප්‍රදීප් හා උපුල් කිත්සිරි යන අයයි.

කෑගල්ල දිස්ත්‍රික්ක නියෝජනය කරමින්ද වෘත්තියින් 5 දෙනෙක් ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්ව සිටිනවා

ඒ වෛද්‍ය ධම්මික පටබැඳි, ඉංජිනේරු කෝසල ජයවීර, ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ සාගරිකා ගංගානි, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නන්දන මිල්ලගල හා ගුරුවරයෙකු වන නන්ද බණ්ඩාරයි.

What's your reaction?

Related Posts

1 of 118

Leave A Reply

Your email address will not be published. Required fields are marked *